රොන් බී බඹරිදු මල තලා දමයි
මලේ සියුම් පෙති තුඩින් කිතිකවයි
සිනිඳු මලෙත් හිත ඔහෙ තැලෙන්නමයි
තැලී එකම බඹරෙකුගේ වෙන්නයි
අනේ මලේ මගෙ හිතට හරි දුකයි
දුකින් නමුදු සිත මලේ සුව සොයයි
සුවඳ මලේ මම ඔබ සොයා දුවයි
ඔබේ සියුම් පෙති තුඩින් කිතිකවයි
මලේ මගේ සිත තුටින් පිනා යයි
ඔබයි මමයි අපි හැමෝම එහෙමයි