Sunday, July 18, 2010

ලොකු අම්මා

පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩුවට,
මං දිව්වේ‍ ලොකු අම්මලගේ ගෙදර

ඒ මාත් එක්ක සෙල්ලම් කරන්න ම‍ගෙ වයසෙම තුෂාරයි තුෂාරියි හිටිය නිසාම නෙමේ
අලුත් අලුත් දේට බය නැතුව අතගහන්න සුජිත් අයිය උගන්නපු නිසාම නෙමේ
කොයි වෙලෙත් සැහැල්ලුවෙන් ඉන්න දිස්නා අක්කගේ විහිළු තහළු අහන්නම නෙමේ
වගකීමෙන් වැඩකරන ආශා අක්ක හිටිය නිසාම නෙමේ
පොලිසියේ වෙච්ච රස කතා මහප්පා කියල දුන්න නිසාම නෙමේ
.............................................................................................
 කිරි තේ විතරක් බීපු මට ප්ලේන්ටි බොන්න පුරුදු කරපු,
ලෝබ නැතුව ලොකුම හැන්දෙන් මට ආදරේ බෙදපු,
ජීවිතේ සුන්දරම පැති ගැන මට කියා දීපු,
ම‍ගේ ලොකු අම්මා හිටිය නිසා....

මං හරි වාසනාවන්තයි.
ඒ මට අම්මලා දෙන්නෙක් හිටපු නිසා

ලොකු අම්මේ ගිය තැනකින් මටත් ඉඩක් තියාගන්න
කවදාහරි මාත් එනවා ඔබේ උකුලෙ හිස තියන්න
මේ කපේදී බැරිවුනාට ඔබේ කුසෙන් ලොවට එන්න
සංසාරෙම මට තියෙනව ඔබේ පුතා වෙලා ඉන්න

1 comment:

  1. අහම්බෙන් පරන photos බල බල ඉන්නකොට මෙක දැක්කෙ වසර 25ක් විතර අය්ත් යන්න පුලුවන් නම් කියලා හිතුනා....යන්න පුලුවන්නම් අය්ත් එන්නෙ නැහැ...අම්මාත් එක්ක ඉන්නව ගැඩබුවනෙ ගෙදරට වෙලා...

    ReplyDelete